දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි

Saturday, 17 October 2020 - 09:16

සංවර්ධනයට අනුව දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ජනතාවගේ ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය ඔක්තෝබර් 17 වන දින ලෝකය පුරා සමරනු ලබයි.

1987 ඔක්තෝබර් 17 දා දරිද්‍රතාවයට එරෙහි ලෝක කම්කරු දිනයක් පැරීසියේ සමරනු ලැබීය. එහිදී ලෝක ජනගහනයෙන් දිළිඳුබවක් දක්වන, දිළිඳුබවට ගොඳුරු වී ඇති හා අනෙකුත් දරිද්‍රතා ගැටළු පිළිබඳව අවධානය යොමු වූ අතර දරිද්‍රතාවයේ ගැටලු පිළිබඳව සිහිපත් කරමින් සෑම වසරකම එම රැස්වීම පැවැත්විණි.

දරිද්‍රතාවය යනු මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව එහිදී ප්‍රකාශයට පත් කළ අතර එතැන් පටන් දරිද්‍රතාවයේ රැළිය සිහිවීම පිණිස ස්මාරකයක් ද ගොඩනැගුණි. පසුකාලීකව විවිධ රටවල ඊට සමාන ස්මාරක ගොඩනැගුණු අතර ඒවා කේන්ද්‍ර කර ගනිමින් සෑම වසරකම දරිද්‍රතාවය තුරන් කිරීමේ අරගලය සඳහා දිනයක් වෙන්විය. පසුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ජාත්‍යන්තර දිනය 1992 ඔක්තෝබර් මස 22 වන දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

ආර්ථික විද්‍යාත්මක විග්‍රහයට අනුව, බොහෝවිට දිළිඳුකම වටහාගන්නේ ආදායම් අඩුකම නිසා ජිවන මාර්ගයක් නොමැති වීමෙන් ඇති වූ ප්‍රතිඵලයක් වශයෙනි. එනම් ජනතාවගේ ද්‍රව්‍යාත්මක යහපැවැත්ම සහතික වන අයුරින් ඔවුන්ගේ මූලික අවශ්‍යතා වන ආහාරපාන, ඇදුම්පැළඳුම්, බේත්හේත්, අධ්‍යාපනය වැනි දෑ මිලදී ගත හැකි ආකාරයට ආදායමක් උපයා ගැනීමට හැකියාවක් නොමැතිවීමයි.
56


අඟහරු මත යානයක් ගොඩබැà·...
Monday, 17 May 2021 - 11:55

අඟහරු ග්‍රහයා මත යානයà...Read More

දිර්හම් මිලියන 12à¶š Abu Dhabi Big Ticket à¶...
Thursday, 06 May 2021 - 09:39

Abu Dhabi Big Ticket ලොතරැයි à¶§à·’à¶šà¶§à·Š à¶´à¶­à·š à...Read More

ලොවක් හිනැස්සූ “සිනහ...
Monday, 03 May 2021 - 10:41

ස්පාඤ්ඤ ජාතික විකට නළà...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?